සිනා දොළක් වන්
Sina Dolak Wan
Music: වික්ටර් රත්නායක Lyrics: කුලරත්න අරියවංස
Font size:
(සිනා දොළක් වන් සිනාමලී මල්වර නැකතින් දොරට වඩින සුදු සිනාමලී බලා උන්නෙ එනතුරු පෙර වාගේ ඇයි පිට පාරෙම අද...//) පෙරට වඩා අද හැඩකාරයි ආඩම්බර පාටයි නාඳුනනා ලෙස කෝළ බැළුම් නෙත නොදැක හිටිය ටික දවසට වෙනස් වුණාදෝ ඇයි හිනා නැතුව අද සිනා දොළක් වන් සිනාමලී.... වදුලු පුරා දං හිඹටු සොයා කෙළිදෙලන් නිදැල්ලේ දුව පැන හිනැහුණු පුංචි කිරිල්ලිය නූඹේ ලපටි සිත දෙගුරුන් අවුල් කලාදෝ ඇයි කතා නැතුව අද සිනා දොළක් වන් සිනාමලී....//