ලක්ෂ ගණන් වස්තු ලැබී
Laksha Ganan Wasthu Labi
Music: අමරදේව W D Lyrics: මහගමසේකර
Font size:
චිත්‍රපටය: සාරවිට (1965) ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා // රත්තරනින් සෑදිලා හිත්වල මල් පීදිලා රත්තරනින් සෑදිලා හිත්වල මල් පීදිලා සාරයි සාරයියා //// මේ සුභ ආරංචිය මමයි මෙහේ ගෙනාවේ හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ කාලේ හොඳ හොඳ දා නරක දසා පහවෙලා රෝදේ කැරකෙනවා හිත හොඳ තැන් බල බලා අනේ අනිච්චං ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා හීනෙන් මං දුටුවා මඟුල් ගෙයක් ළං වෙලා හීනෙන් අපි හිටියා මඟුල් ගෙදර වටවෙලා දෑතයි කණයි කරයි රන් රිදියෙන් ඔපවෙලා මූණේ සිනා සුදෙන් කිරියි පැණියි උතුරලා ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා ගත් ණය සේරම මට පොලිය සමග ලැබෙනවා මත්තට ලෙඩට දුකට පිහිටක් දැන් තියෙනවා දුරුවී අගහිඟකම් පිරුණා ගුණ ආදරේ බෙදිලා එයි කාටත් එකසේ ඒ ආදරේ ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා // රත්තරනින් සෑදිලා හිත්වල මල් පීදිලා රත්තරනින් සෑදිලා හිත්වල මල් පීදිලා සාරයි සාරයියා ////
Listen
Watch on YouTubeData
Last updated May 2026