Home/Songs/පේලි සීය

පේලි සීය

Peli 100 (44 Kalliya)

Lyrics: ස්මොකියෝ
Font size:
ජීවිතේම වින්දත් කවුද ආස විඳවන්න 
සැපම නෙවෙයි ජීවිතේ යාලු තේරුම් ගන්න 
ඕනේ නැහැ මට ගොඩක් කල් ජීවත් වෙන්න 
මම බය නෑ මැරෙන්න කියන්නේ යකාට ඇහෙන්න 

මගේ මනෝකාය පාවෙයි මම නිදන් ඉද්දි 
ගැස්සිලා නැගිටින්නේ ආත්මේ ඇඟට ඇතුළු වෙද්දි 
රෑ පහන් වෙද්දි හිතුනා දේවල් ගොඩක් 
තෘෂ්ණාව ඉරිසියාව වයිර ලෙඩ තුනක් 

ත්‍රයිලෝක පත්‍රය තමයි එකම පිළියම 
ලෝකාන්තේ මීදුම වගෙයි අද අලුයම 
මගේ කාමරේ දුමෙන් වැහිලා 
වැදිලා නොවෙයි යාලු මම ඉන්නේ සම වැදිලා 
කොළඹ තාලේ තාමත් කල්ලියේ වාරේ දාන්නේ 
දිවය ලෝකේ සාදේ කිලුඉලුම නාදේ 

මම දෙවියන්ගේ හාල් කැවුනු දෙවියන්ගේ පුතා 
බොලාට හිතා ගන්න බෑ මේ ඇඟ ඇතුලේ ඉන්න සතා 
පාප මිත්‍ර සේවනය සැපට මෝහනය 
මෝක්ෂය කතා කලොත් වෙන්නේ චරිත ඝාතනය 
භීෂණයක් එක්ක මට ඇහෙන්නේ වීනා වාදනය 
සල්ලි පස්සෙන් යද්දී එන්නේ පොලිස් වාහනය

පෙර කල පිනකට යහතින් ඉන්නේ තාමත් 
එක දෙයක් වද දෙන්නේ ඔලුවේ හැමදාමත්
මම මැරුණු දවසට අඬයි හඳේ හාවත් 
අහන්න වෙන්නෑ මේවගේ වදන් කවදාවත් ආයේ 

44 වෙන්නෑ කවදාවත් මලානික 
පැතිර යන්නේ උණක් වගේ මාරාන්තික මාරාන්තික
කෘන්තක රදනක බොරු බර වචන දාලා 
කියන උඹේ රැප බොක

තේරුම බින්දුවයි නම්බුවයි බම්බුවයි 
ගැලපීමක් නෑනේ කොල්ලෝ උඹයි උඹේ සිංදුවයි 
තේරුම් අරන් ඉන්නේ දැන්නම් කාගේ කාගේත් හැටි 
බොරුව මවාපාන උන්නේ රටේ තොටේ සමාජේ වැඩි 

පේන මානේ නොපෙනිලා යන්නේ හීන මානේ 
හිතේ තියෙන ලොකු මානේ නිසයි වෙන්නේ අවමානේ 
තේරුම් ගන්න බැහැ ගැඹුර වැඩි නිර්වානේ 
ක්ෂණික කෝපය ප්‍රතිපලය දුකයි අවසානේ 

සෝවාන් සකුර්තගාමී අනාගාමී අරිහත් 
බුදුගුණ බුද්ධ ධර්මේ රැවුදේ විශ්වේ තවමත් 
හිටිය විදිහ නෙවෙයි යාළු ඉන්න විදිහයි වැදගත් 
හිත කය මනස පවුකාරයි කාගෙන් හැංගුවත් 

මං ඇත්තයි කියන්නේ අවංක අම්මට විතරයි 
වෙන කවුරුත් අදාලම නෑ දැන් මට මම විතරයි 
හිත රිදිලා රිදිලා ආදරෙත් අප්පිරියයි
විශ්වාසෙත් අප්පිරියයි මදුවිත නම් පිරියයි 

ස්තුති දෙවියනේ දුන්නට තව දවසක් 
පරිවාසේ හිර ගෙවල්වල ඉන්නවා තව පිරිසක් 
සැලෙන්න එපා යහළු එනවා එක මොහොතක් 
වෙච්ච දේවල් තේරුම් අරන් යන්න අලුත් ගමනක්

තිබ්බ තිබ්බ අඩියක් ගානේ ඇහුනේ මට මිනී කටු පෑගෙන සද්දේ
ඇස් අරිද්දී හිටියේ මං කනත්තේ
කොතනද මං වරද්ද ගත්තේ මං කොහොමද දන්නේ?
ඒ කාලේ මං නෑ මාවත් අදුරන්නේ
මේවා මං නෙවෙයි කලේ මොනාද
ඔව් මං තමයි කලේ
ඔලුව ඇතුලේ ඉන්න සතයි කරව ගත්තේ
මගෙන් අවසර ගත්තේ නෑ ඌ එද්දී
සමාව ගත්තේ නෑ ඌ යද්දී
කඳු පර්වත පාත් උනේ නෑ බල්ලෝ බුරද්දී
ඒකයි පාර මගේ වගේ ඇවිදින්නෙ කොහේ බැස්සත්
කඳු පිටින් හෝදන් එන නා කපන වැස්සක් වගේ
ඔව් මං වෙනස් තියනවා තුනක් ඇස්
ඉන්නේ අගිස්සේ ස්මෝක පිස්සුවක්

පුරවන හිඩැස් කාසතුද මා සදිසි බැස්මක්?
එලිසමය සමයි මිම්මට කල බැස්මක්
අච්චුව රැව්ලත් පස්සට දැම්ම හිස් වැස්මත්
මම ජරාවක් නම් උඹලා නිල මැස්සක්
නෑ දිවැස් නෑ විහිදෙන්නෙ රැස් ග්නාති නෑ දෙවියන්
පොත් වල විතරයි දැක්කේ හත් පෙති මල්
මගේ උන්ට විතරයි ගැම්ම දිලිසෙද්දී මං
එරියන් කිව්ව කැරියන්ට මාව පෙනියන්

හැරවුම් ලක්ෂය පිලියන්දල හංදිය
එතනයි මුල ඒකයි තාමත් මැකාට භක්තිය
කෝ ලමයි අරන් එන්න මල් වට්ටිය
රැප් සෙල්ලමට දාන්නයි යන්නේ පට්ටි

වලංගුයි වන්දිය
මං උඩුගම් බලා පීනුවා කොච්චර සැර වුනත් ගං දිය
ව්කුර්ති මායාවෙන් වෙලුණු යුගය අවසන් විය
සිනාසෙන්නේ මගේ ආයෙත් දයිවය උදුරන් ගිය

ලූලා වලේ නැති නිසයි කනයෝ දැම්මේ සිද්ධිය
ඒකයි ආවේ ගලවන් කොටු කරලා තිබ්බ බිත්තිය
හිතෙන දේ කරන්න එපා මට ඉර්දිය
උඹලා මාව දන්නෑ ස්මෝකා නෙවෙයි උගේ පිල්ලිය

අහසෙන් පොළවට වැටුන්නෑ මං වැටුනේ පොළවෙන් අහසට
ඇත්ත මේකයි ඇත්ත එද්දී බොරුව තිරෙන් අහකට
පරණ දේවල් වලට කරුනු නෑ නිදහසට
පුලුවන්නම් ගනින් ආයෙත් ඔටුන්න මගෙන් අහකට

ඔප්පූ නෑ තිරප්පු නෑ මේක මගේ සෙල්ලම මගේ ගේම
කැප කරලා ඉවරයි දැනටමත් මුළු ජීවිතේම
අමතක වෙලා නෑ තාමත් මතකයි මට හැමදේම
මීටරේ හිටියේ හැමදම මීටරේ හොදට වැඩ තාම

වැඩ්ඩෝ වැඩ දාන දන්නෑ ස්මෝකා ගැන තාම
ඉන්නවා මට හමුදාවක් දුක දන්න සැප දාන
ඉස්කෝලේ ලුම්බිනිය වාසි බෝඩරේ ඇලගාව
එකපතේ කාපු උන්ට ආදරෙයි හැමදාම

වැරදි වල ණය ඉල්ලන් කරුමේ පස්සෙන් එනවා මගේ
යාළුවෝ කවුද හතුරෝ කවුද ඔක්කොම මූණු එක වගේ
අද ඉදියි කියන්න බෑ යන්නත් පුලුවන් හෙට වගේ
ඒකයි විදින්නේ ජීවිතේ මං වගේමයි කොල්ලොත් මගේ

අම්මයි දුන්නෙ පණ මට
තාත්තයි දුන්නෙ නම
ඉතින් මම ගනන් ගන්නේ නෑ
වෙන උන්ගේ බන
කන්න එපා කන බේරිලා ඉන්න තමන් දැනගත යුතුයි
නැන පමණින් තම තම

විරාම සමාව කලාතුරකින් ලැබෙන්නේ දෙවෙනි පාර
දූවිලි හුලගට අමතරව හොදම පාඩම් ඉගැන්නුවේ පාර
තාර පාර හුරුපුරුදුයි මං ඇවිදින්නෙ නිදහස් ආර
හුස්ම ගන්නවා දැනෙන්නේ ගෙන්දගම් පොළවේ ඉදගත්තාම

කොළඹ රස්නෙත් එක්ක උණ හොදටම සහල වෙලා
මං වගේ කවුරුත් නෑ ලංකාවේ තාම පහල වෙලා
ටිකක් සරල වෙලා ඒත් තාම පරණ කෙනා
මං අලුත් වෙද්දී මුං එකතැන පරණ වෙලා

කියන්නා කෙසේ කිව්වත් අසන්න ඇසිය යුතුයි සිහියෙන්
මම දැලි පිහියෙන් කිරි කද්දී උඹලා අවසිහියෙන්
දැන් මං සිහියෙන් පෙන්නන්නම් වෙන් කරලා කිරි දියෙන්
උඹලා හිතනකොට ස්මෝකා අඩිගානක් ඉදිරියෙන්
මං තනි කොටියා එකට කෑවත් බොක්ක වෙනස් එවුන් කුමට
ශුද්ධ සිංහලෙන් කිව්වොත් ශුක්‍රාණු සුනඛ
ඩෝල් ජාති මෝල් ජාති බොන්නෑ මං දැන් උණට
ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.