Home/Songs/පත්තර පිටුවක

පත්තර පිටුවක

Paththara Pituwaka

Font size:
පත්තර පිටුවක ඔතලා තිබුණා 
මා ඔබට දුන්නු මුල්ම තිලිණය‍
සත් මසකට පසු ලියලා තිබුණා 
වෙන් වී යන බව මගෙන් දුරකට
පත්තර පිටුවක ඔතලා තිබුණා.......

මේ තරම් කලක් ළඟට වී ඔබ
මා තුරුලක කර පෙම්බර සුවඳ
දුක් ගීයක් කර ගයන්න මටම
සිදු වුණා ළඳුනි අවසන් වරට......

පත්තර පිටුවක......

රත්තරන් සිතට සොඳුරු වුණු හඬ
මට ඇහෙනවා වගෙයි නිරතුරුව
ඇති එහෙනම් මට දෙන්න ගින්දර
කඳුළැලි නම් නැහැ හෙලන්න නෙතට.......

පත්තර පිටුවක......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.