Home/Songs/ලස්සන හිතක්

ලස්සන හිතක්

Lassana Hithak

Music: අශාන් ප්‍රනාන්දු Lyrics: නිසල් ප්‍රනාන්දු
Font size:
ලස්සන හිතක් ඇතී ලස්සන රුවක් ඇතී 
ඔබට මං ආදරේ කෙරුවේ අපරාදේ මේ හැටී 

අත් හැරියේ මං ඔය අත් දෙකෙන් 
ඔබ යන්නට හැදුව තැනයි 
බලෙන් කවමදාවත් ලබනු බැරි දේ නම් ආදරයයි 
(ගියෙ ඔබව නෙමෙයි දැන් හොයන්නේ මං 
ඉස්සරම හිටපු මාව 
ආදරය තමයි මගේ ජීවිතයේ 
දැන් තහනම්ම වචනය...//)

ආදරේ දැනෙන තැනක නතර වීලා ඉන්නවා ඇතී 
දැන් ඔබට මාව මතක නැතිවෙලා ගිහිල්ලා නම් ඇතී 
සාගරේ ගැඹුර මතුපිටින් පෙනෙන්නේ නැතුව නම් ඇතී 
ඒ වාගේ මං දරාන ඉන්න ගින්න පිටට නොපෙනුනී 

අත් හැරියේ මං ඔය.... 

රත්තරං මේ ඉඩොරේ ගෙවිලා යන්න යාවි දවසක 
වසන්තය ආයේ එන්නේ මේ ඉඩෝරයත් මකාගෙන 
සිදුවෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන 
ජීවිතේ ඉතුරු හරිය මේ අතින්ම ලියනවා මම 

අත් හැරියේ මං ඔය....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.