Home/Songs/සීතල සිතුවිලි උණුසුම් සුසුමින්

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්

Seethala Sithuwili Unusum Susumin

Font size:
සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළ ළමැදේ
ජීවිත කතරට සිහිලැල් පිණිබිදු ඉසිමින්
පෙර මං කී නිරිඳේ

මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන් 
මා හද සුවඳින් පිරූ හැටි
ගිනියම් සැඩහිරු දෝතින් මුවා කරන්
සුවබර සෙවනැලි හැදූ හැටි

සීතල සිතුවිලි ....

නොසිතු මොහොතක නොමියෙන විලාසයෙන්
ඉරණම ඔබ ළඟ රැඳුණු හැටි
වැළපෙන පැළකට මල් කැන් දෝත දරන්
හෙට ගැන උරුමය ගෙනා හැටි

සීතල සිතුවිලි ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.