Home/Songs/අපි ආයෙමත්

අපි ආයෙමත්

Api Ayemath

Font size:
අපි ආයෙමත් හමු වෙන්නෙපා
පෙරදා වාගේ හැන්දැ යාමේ
ඔබ කී කතා මතකේ තියා මගේ
අරගන්නකෝ ඔබ දුන්නු සැම දේ

ඔබ ගීතයක් මට හීනයක්
මල් සුවඳ තැවරු හාදුවක් //
අද ගින්දරක් වූවත් මගේ සිතේ
හද පිරිමදියි මතකය දිගේ ලදේ

අපි ආයෙමත් ...........

සිත පාරාවා ඔබ ගැන කතා
මම කියන්නේ නෑ ඔහු රිදවලා //
ඇසුවොත් මගෙන් ඔබ ගැන යමක් ලදේ
මම කියමි ඔබ ඔබ අත්හල බව මෙසේ

අපි ආයෙමත් ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.