Home/Songs/හිම රේණු වැටෙනා

හිම රේණු වැටෙනා

Hima Renu Watena

Music: සරත් දසනායක Lyrics: සමන් චන්ද්‍රනාත් වීරසිංහ
Font size:
M: 
හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ

F:
රන්තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාළිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ

M: මධුපානයක් සේ වෑහිලා
යනවාද දෙතොලේ ගෑවිලා
F: මනමාලයන්ගේ චේතනා
නොකියාද පාලා සිනා

M:
හිම රේණු වැටෙනා සීතලේ ../
F:
රන්තෝඩු සැලෙනා රාවයේ .../

F:
මුතු මාලයක් සේ යාවුණේ
අපි ආත්ම ගණනේ පෑ සෙනේ
මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා

F:
රන්තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දූ මාළිගේ
රතු රෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල් සරෝ

M:
හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.