Home/Songs/සඳෙන් එහා කදු මුදුන් ඉමේ

සඳෙන් එහා කදු මුදුන් ඉමේ

Saden Eha Kadu

Font size:
සඳෙන් එහා කදු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුශාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනී වූ ඒ කුඩා පැලේ

මා ඒ අතීතේ මේ මාවතේ
රෑ පාලු සීතේ ලා මීදුමේ
තනි වී ගෙවා ආ ඒ චාරිකාවේ
නොසිතූ ලෙසේ ඈ මා හමුවුනේ

දෑතේ වෙලීලා මා හා බැදී
දෑසේ කතාවේ යාවී රැදී
තනිකම නිවා දිවියේ පාලු යාමේ
පසුදා උදේ ඈ වෙන් වී ගියේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.