Home/Songs/ගෙන්දගම්

ගෙන්දගම්

Gendagam

Music: තුසිත් නිරෝෂණ
Font size:
පෙනුනට ඇස් දෙක වැඩක් නෑ මොළය අන්ධ නම්
එහෙම ලියලා තිබුණේ මේ පොළොවේ ගෙන්දගම්
පමණ අපමණ දැන හදන පදනම 
ආතත විතත විතතාත දැනගෙන
ඇනගෙන දැනගෙන අපි ජීවත් වුණෝතින් හොඳයි 
හය හතර දැනගෙන කරන නොකරන හොඳ නරක දැන දැන
හඹා ඒ රිය සක සේ පසු පස පෙරලමු දුරලමුද
අනවශ්‍ය ජාති බේද දෙපැත්තකට බෙදිලා 
බොරුවට ගහගෙන වැඩක් වෙයිද
ඔළුවට එනකොට ජාතිවාදිකම් ලම්බක හතරැස් චේද
මතක තියාගමු අපි ඔක්කොම එක මවගේ දරුකැල නේද
නෙතින් ගිලිහුණු කඳුළු බිංදු එක එක කැටිකර
ගොඩනැගුවා ජීවිතේ ටික ටික නමස්කාරය දෙමාපියන් හට
කොච්චර ගෙව්වත් නොමැකෙයි මව්කිරි වල ණය.....

ඇයිදෝ අපි වෙන් වෙලා අද සිටියත් ළං වෙලා
හදවත් නෑ එක්වෙලා ජීවිත එක්තැන් වෙලා
සිහින ලොවක තනිවෙලා ලෙන්ගතුකම් වලදමා
කුමකට ජීවත් වෙලා මිනිසත්කම් හැරදමා....

ලැජ්ජාව බය නෑ හොඳින් දේව ධර්මය දැන
හැඩට ඉඳන් ගැහුවා සෙල්ෆි තද තද
ඉගෙනුම වේ නම් විවරණ අමතක නොකරමු කවදාවත්
අපි දුක් විඳ විඳ ඒ ආ මග 
සරම බැනියම රෙද්දේ හැට්ටේ ඇන්ද ළමයි
තොප්පිය කරකලා අනිත් පැත්ත දැම්මා තමයි
තරුණ ජවය ඉලක්කය නිදහස් අහස යනෙනු හොඳින් ඉගෙන
යරලවශෂසහල හදවත මගේ කකියනකොට 
සමහර බොරු දැකලා
මොළය කිව්වා කල්පනා කරලා තීරණ ගනින් කියලා
ලියලා මං පත අටකට සිඳලා උගුරෙන් පහළට
එළියට එළිසම හෙළරත් කරලිය සැමදා.....

දකුණ නැගෙනහිර ගාල්ල මාතර කොළඹ
උතුර බස්නාහිර කෝටිටේ මහනුවර
ජයතු නාද හෙළරත් කියනව නාදය 
මන්දිර පැල්පත් යනඑන හැමතැන රැව්දේ අප නාමය.....

සායම් ඉහිරුණු වත්සුණු තැවරුණු සුදුවන් මුව කමලේ
විසගෝර සර්ප විස ඇති සිත් මඬලේ
සුවකළ හැකිය විෂ දලක ශාපේ 
ඖෂධ නොමැත මනුවිසට රාළේ.....

ඇයිදෝ අපි වෙන් වෙලා......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.