Home/Songs/සතුට මගේ

සතුට මගේ

Sathuta Mage

Music: රධීෂ් වැන්දබෝනා Lyrics: සජිත් චතුරංග
Font size:
සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ 
නිතර තිබුනේ සැකය ඔබගේ මා නොවේ බොරු කලේ 
ජීවිතෙයි ආදරෙයි පටලගෙන අඳුරේ 
හැර ගියේ ඔබනේ 

වචනයෙන් ඔබේ කල ආදරේ හැබැහින්මයි සිතා 
අපෙ ආදරේ වෙනුවෙන් මගේ හැම දේ කැප කළා 
ලං උනේ හිත මගේ රිදවා රවටා යන්නදෝ 

සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ 
නිතර තිබුනේ සැකය ඔබගේ මා නොවේ බොරු කලේ 
ජීවිතෙයි ආදරෙයි පටලගෙන අඳුරේ 
හැර ගියේ ඔබනේ

වෙනසක් නොවේ මතුදා ඔබේ මතකයේ නැවතිලා 
තනියෙන් මගේ දෙනුවන් ඉබේ පියවී යයි සදා 
ඒ දිනේ ළඟ මගේ මොහොතක් ඇවිදින් යනවදෝ 

සතුට මාගේ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ලොවේ 
නිතර තිබුනේ සැකය ඔබගේ මා නොවේ බොරු කලේ 
ජීවිතෙයි ආදරෙයි පටලගෙන අඳුරේ 
හැර ගියේ ඔබනේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.