Font size:
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ ලියතඹර ලෙලවා හදමඩල යට දෙන්න මැණිකේ මගෙ පපුවට ගින්දර මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තානෙනේ නා අනෙ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානෙනේ තානෙනේ තනානේ ඉන වට බැන්දාවූ මුතු පොට සැලෙන කොට පන්දම දැවෙනවා හදගිනි ලවා ගෙන වැහි කලුව එනවා නුඹ නැති දාට සිත් අහසම පුරවා අන්දකාරෙක (මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ)..// හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තානෙනේ නා අනෙ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානෙනේ තානෙනේ තනානේ