Font size:
සයුර ගලා දළ රළ පෙරලා මුදු පෙණ මල් වෙරළේ අතුරා පූදින්නේ ආදරයයි ආදරයයි පුර හඳ කළුවර කවුලු සිඹින කල කුමරිය වී නුඹ පෙම් සිහිනේ හද ගැහෙනා මානේ කුසුමක්වී තනියට ඉන්නම් බොල් පිනි වැටෙනා අරුනැල්ලේ බොල් පිනි වැටෙනා අරුනැල්ලේ නුරා මතින් අඩවන්වූ දෙනෙතක ඇරයුම් පිපිදීලා මුදු දෙතොලග ඉවසා හිඳිනු කෙසේ සම්මතයේ රැහැන් මුදා එන්නම් ඉගිල්ලිලා යමු විහඟ රැලේ වළා රොදක් මීදුම තැවරූ කඳු උරයේ දැවටී සොඳුරූ මුමුනන්නේ ආදරයයි මුමුනන්නේ ආදරයයි සයුර ගලා දළ රළ පෙරලා මුදු පෙණ මල් වෙරළේ අතුරා පූදින්නේ ආදරයයි ආදරයයි