Home/Songs/සැවැන්දරා සුගන්දයෙන් හිමාලයේ සිහිල් සුවෙන්

සැවැන්දරා සුගන්දයෙන් හිමාලයේ සිහිල් සුවෙන්

Sewendara

Font size:
සැවැන්දරා සුගන්දයෙන් හිමාලයේ සිහිල් සුවෙන්
මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම් පෙරා..//
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ..//

රන්වන් කිංකිනි නාද නගන්නේ
සන්සුන් තාලෙට පාද තබන්නේ..//
නිල්වන් දෑසින් සිහින මවන්නේ
ඉරෙන් උපන් හඳෙන් උපන් මලෙන් උපන් විලෙන් උපන්..
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ..

සැවැන්දරා සුගන්දයෙන් හිමාලයේ සිහිල් සුවෙන්
මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම් පෙරා..//
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ..//

චන්දන කල්කෙන් තිලකෙ තියාලා
රන් කුබුලුක්මය ලමැද දරාලා..//
සල් සල් සල්මල් සේම සැදීලා
එහේ ඉඳන් මෙහේ ඉඳන් දුරින් ඉඳන් ලඟින් හිදන්
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ..//

සැවැන්දරා සුගන්දයෙන් හිමාලයේ සිහිල් සුවෙන්
මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම් පෙරා..//
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ..//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.