Font size:
අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ හීන කලත්තන හිතේ මට දැනුනා සීත වගේ (පිනිබාන කාලේ නිදිකුම්බා මැදුරේ මං තාම පන් පැදුරේ තනියේ)...// අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ (මායම් වලින් නුඹ කෝලම් කරයි සායම් ගියොත් තේව වියදම් සැරයි)...// ඉනට උඩින් බැඳි හවඩිය නුඹට බර වැඩියි වහන් වෙලා බලන බැල්ම නෙත් කොනෙන් වැටෙයි ඔච්චර ලපටි හිතේ විස්තර බොහොම අගේ කට්ටි පනින හිත තාමත් නුඹට ලෙන්ගතුයි අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ හීන කලත්තන හිතේ මට දැනුනා සීත වගේ (පිනිබාන කාලේ නිදිකුම්බා මැදුරේ මං තාම පන් පැදුරේ තනියේ)...// අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ (මල් වාගේ පෙම් සුවඳ දෝරේ ගලයි නිම්නාද කොවුලන්ට ඇරයුම් කරයි)...// නියර දිගට ඔය දෙපතුල් රෝස පෙති වගේ ගොක් කොල මල් පැල හදන්න මට හිත ලෝබයි පෙම්බර සුවඳ දැනේ ගින්දර ගහන හිතේ කට්ටි පනින හිත තාමත් නුඹට ලෙන්ගතුයි අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ හීන කලත්තන හිතේ මට දැනුනා සීත වගේ (පිනිබාන කාලේ නිදිකුම්බා මැදුරේ මං තාම පන් පැදුරේ තනියේ)...// අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ