මගේ හිතේ
Mage Hithe
Music: Amusync එන්ටර්ටේන්මෙන්ට් Lyrics: සජිත් චතුරංග
Font size:
ඔබ සොයාලා කකියනා නෙතින් ඉවසුමක් නැතිවා.. හද හඬාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා.. ආයේ නොයෙන්න මා ගියත් පාළුවේ දමා.. මාගේ සිනා පාවුනා ඈත ගියදා එදා... මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා.. ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා... හෙමිහිට මාගේ නෙතු ලඟ කදුලැලි රූරාලා.. හැමතැන වගේ ඔබේ රුව මැවි මැවී පායාලා.. වෙන්වුනත් මේ වාසනාවෙන් මා දුකක් දීලා.. ඉන්න බෑනේ පාළුවෙන් නම් සෝ තැවුල් ඉවසා.. ඉදහිට ආයේ හමුවෙලා දොඩමළු වී මා හා.. ඉදහිට වාගේ සැනසිලා මදකට ළං වීලා.. කවුරුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා.. යන්නෙ නෑ මා හීනෙකින් වත් තාරුකා සොයලා.. මගේ හිතේ ඔයා කෙරේ යළි ආදරේ පිරිලා.. ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා... ඔබ සොයාලා කකියනා නෙතින්...//
Singers
Data
Last updated May 2026