Home/Songs/අවසන් ලියුමයි

අවසන් ලියුමයි

Awasan Liyumai

Font size:
අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහ කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඬුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ

එයා පැලැන්දූ මංගල මුදුවේ
ආඩම්බරකම මම දුටුමී
ගෙල වට කරගෙන ලැමදේ අදිනා
මංගල මාලය මම දුටිමී
අභරණ අංගන රන්වන් වියලූ
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ

පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා
අභරණ අංගන රන්වන් වියලූ
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ

අවසන් ලියුමයි ඔබට ලියන්නේ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.