හිස් අතින් යන්න යන්නම්
His Athin Yanna Yannam
Music: චතුරංග වර්ණසේකර Lyrics: චතුරංග වර්ණසේකර
Font size:
හිස් අතින් යන්න යන්නම් ආයෙමත් හැරිලා ඔයා දුන් වේදනාවන් පපු කඳේ හංඟා හරි හම්බ කෙරුවේ මගේ ජීවිතේ පුරා වස්තුව නොවෙයි පින් කඳක් වූ ඔයා දන්නවද ඔයා කාගේදෝ ඇස්වහක් වැදී වෙන්වුණා ඔයා (දෛවයේ ලියා තිබූ දේම සිදුවුණා.....//) දහ දුකක් වුණත් විඳින්න හයිය මට ඇති වරු දෙකක් හිඳින්න බෑ ඔයාව ළඟ නැති එහෙව් මා පසෙකලා හිත ඔබේ යන්නැති මට වඩා හොඳ හිතක් හොය හොයා යන්නැති හමුවෙන්නත් ඇති (කාගේදෝ ඇස්වහක් වැදී වෙන්වුණා ඔයා දෛවයේ ලියා තිබූ දේම සිදුවුණා.....//) විශ්මකරුමයක් වෙලා ආවොතින් විනා ආයේ නම් ඔයා මගේම වෙන්නේ නෑ සදා සිතින් මා පතනවා වැරද්දක් නම් වෙන්නෙපා කෙටි කලක් හෝ ඔයා මගේ වෙලා හිටි නිසා මගේ ජීවිතේ වෙලා (කාගේදෝ ඇස්වහක් වැදී වෙන්වුණා ඔයා දෛවයේ ලියා තිබූ දේම සිදුවුණා.....//) හිස් අතින්......
Singers
Data
Last updated May 2026