Home/Songs/අපි දැදුරු ඔයෙන් පැන්නා

අපි දැදුරු ඔයෙන් පැන්නා

Api Daduru Oyen Panna

Music: ප්‍රියන්ත චන්ද්‍ර කුමාර Lyrics: වසන්ත දුක්ගන්නාරාළ
Font size:
(අපි දැදුරු ඔයෙන් පැන්නා 
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තම් යාන් ඔයට වැටිලා 
මුලතිව් දිහාට හැරුණා.......//)

ආඬි ළිඳේ වතුර සොයා 
නිලාමණි ළිඳට ගියා
නැගෙනහිරේ කිරණ පුරා
කාන්සිලා හීන වුණා.....

අපි දැදුරු ඔයෙන්......//

සේරුවිලේ පිරිත අසා 
කැළෑ මලේ හිනැහුණා
නාගපුරේ පාළු පොළේ
තිරුකුරල් ගී ඇහුණා......

අපි දැදුරු ඔයෙන්......////
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.