සිහින නෙළුම් මල්
Sihina Nelum Mal
Music: රොෂාන් ද සිල්වා Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා කිරි සුවඳ දේ මුවගේ පවන් සලා බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ සුළැඟිල්ල පටලා හෙට යං පුතේ ඇවිදින්නට මා හා මිදුලේ වටේ අම්මා කියූ නාමේ මට දුන් පුතේ රාජිණියකි දැන් මා පුතුගේ පිනින් හැම මව්වරුන් සේ අම්මා නුඹේ සතුටින් ඉඳින් පීනා පුතුගේ නමින් පුතු දකින උදයේ හැමදාම දැන් නව දවසකි මට නම් දෙන වාසනා හිරු සඳු දවල් රෑ මට පායනා පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා කිරි සුවඳ දේ මුවගේ පවන් සලා සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා
Singers
Data
Last updated May 2026