Home/Songs/මට එපා ඔබේ හසරැලි බිඳක්

මට එපා ඔබේ හසරැලි බිඳක්

Mata Epa Obe Hasarali Bindak

Font size:
මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා

සිහින ලොවේ මා හද තනිවෙනවා
සිතිවිලි සයුරු තෙර //
නුඹට කාරි නැති මගේ දුකට මම
ගී පදවැල් ලීවේ //

මට එපා ඔබේ ....

මතු දිනයකදී මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා //
අපේ මතකයේ බිඳුවක් ඔබ හට
තිබුනොත් සෑහෙනවා //

මට එපා ඔබේ ....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.