Home/Songs/ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ

ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ

Loke Jiwath Wannata

Font size:
ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ //
මංජු... මංජු...

වසන්ත සමීරෙ විමානේ උපන්නියා
අනත්ත දයාව සෙනෙහේ විදින්නියා
කිරිල්ලි කැදැල්ලේ කුමක්ද සදන්නියා
තුරුල්ව නිදන්න තො ‍ටිල්ල තනන්නියා

ලෝකේ ජීවත් වන්නට........

 ‍යොවන සුළගේ මල් අතු නෑමී ගියා
සමනල වයසේ සිතුවිලි සැදී ගියා
සියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගියා
හදවත දොගොඩින් සෙනෙහස ගලා ගියා

ලෝකේ ජීවත් වන්නට........
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.