Font size:
කුසගින්නේ මැරුණත් තණකොළ 
නුබුදින සිංහයෝ වාගේ 
මේ කාලයයි ලෝකේ පතුරන්නට 
සිව් හෙළේ නාදේ 
ජය ගෙන ඉදිරියටම යන මොහොතක 
පය පැටලුනත් පිටියේ 
වැටි වැටි නැගිටී එක්වී ජය ගෙනඑමු 
ලක් මවට අපගේ...
දස්කම් පාලා දැඩි බල පෙන්වා 
අපි ගමු කුසලානේ 
මේ ලක් මාතා උරුම අප දිනලා 
සනසමු අප ආයේ...

ඕ... ශ්‍රී ලංකා ශ්‍රී ලංකා//

ඉතිහාසේ ලියන්න ආයේ දවසක් 
උදා වී ඇත්තේ 
ජය ගත්තා ලොව දවසක් දා යලි 
එලෙස දිනන්නට ඕනේ...

ලොව මුදුනේ මේ ලක් අම්මා 
ආඩම්බරයෙන් ඔබ තැබුවා 
මව් දේශේට ඔබ ණය ගෙව්වා 

ක්‍රීඩාවේ අපේ වීරයෝ මේ වීරයෝ 
මේ සිංහයෝ මේ දේශයේ වීරයෝ...
 
ඕ... ශ්‍රී ලංකා ශ්‍රී ලංකා//

හැම හිත් පුරා දැන් ඇත්තේ 
ජය ගන්න යන මග සිහිනේ 
ලැබ දේව ආශිර්වාදේ ගෙන එන්න 
ලෝ කුසලානේ...
ජය පැරදුම එක ලෙස ලබනා 
හැම මොහොතක හිනැහී ඉන්න 
අප හදවත් තුළ ඔබ සැමදා 
ක්‍රීඩාවේ අපේ වීරයෝ මේ වීරයෝ 
මේ සිංහයෝ මේ දේශයේ වීරයෝ...

කුසගින්නේ මැරුණත්...

මේ වීරයෝ මේ සිංහයෝ 
මේ දේශයේ වීරයෝ...//

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.