Home/Songs/සළු සෝදනා මම ලෙංචිනා

සළු සෝදනා මම ලෙංචිනා

Salu Sodana Mama Lenchina

Font size:
තන තාම්දෙනා තන තාන්නෙනා
සළු සෝදනා මම ලෙංචිනා
ඔච්චම් කරන්නට නම් එපා
මට සළු වඩනා මැණිකේ කියා.....
තන තාම්දෙනා තන තාන්නෙනා
සළු සෝදනා මම ලෙංචිනා

ගං ගොඩේ සිල් රෙදි පුරා
මගේ අත් වලින් සුද ගෑවුණා
පින් පිරි පුන් සඳ මගේ 
පායා එයි කියා උන්නා බලා
කෝ ඉතින්..... 
ලී කොලොම්පුව දොර පිලේ මිටි වී ගියා.....

තන තාම්දෙනා.....

මංගලම් ජය මංගලම් සුද අතුරලා
ගම සැරසුවා පුන්කලස් වල පොල් මලින්
පෙම් ගී සිළු පද වෑහුණා
මලවියා පිට මග ගියා 
මගේ පයට පාවඩ නෑ කියා......

තන තාම්දෙනා........
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.