Font size:
නුවර වැවට හාදු දිදී මානෙල් මල් පිපුණු තරම් සොඳුරු සිතට රුවැත්තියේ ඔබ එනවද හාදු අරන් මැදියම් රෑ ගිනියම් සඳට (සිසිල වෙන්න තාරකා ඉතින්……//) උඳුපියලිය ලා තණ නිල්ල සෙවණ සදන උණ බට පඳුර අද රෑටත් ඉරබට තරුව පායාවිද හිතේ ඇල්මට මැදියම් රෑ ගිනියම් සඳට (සිසිල වෙන්න තාරකා ඉතින්……//) නුවර වැවට හාදු දිදී……. හන්තානේ සුළං රැල්ලකින් සැන්දෑ හිරු ගලා ගිය සැණින් රන්ඳා දෙව්රේම සෙනෙහසින් සිපගන්නම් රෝස දෙකම්මුල් මැදියම් රෑ ගිනියම් සඳට (සිසිල වෙන්න තාරකා ඉතින්……//) නුවර වැවට හාදු දිදී…….