Home/Songs/රත්තරන් මැණික්

රත්තරන් මැණික්

Raththaran Manik

Font size:
රත්තරන් මැණික් මුුතු මොකටද මේවා
හිස් අතින් සිනාසිසී පැමිණේවා

මට මල් මොකටද මම උපන්නෙ වන මල් උයනේ
මට පැණි කුමටද මා සිටියා මී බැඳි අරණේ
මිණි මුතු රන් සිවු සම්පත් ඇත මේ දෙරණේ
ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ

මුතු බෙල්ලෙකු මුතු රකින ලෙසින් කුස තුළ සඟවා
මතු ඔබ රැක ගමි මා සතු පිය සෙනෙහස හඟවා
ඔබ පැමිණිනු වස් සිහිලෙන් හදවත පිනවා
මා ඉන්පසු ඔබ යන හැම තැනකම එනවා
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.