Home/Songs/මගෙ සුදු මාමේ (කළුවන් කළු)

මගෙ සුදු මාමේ (කළුවන් කළු)

Mage Sudu Maame (Kaluwan Kalu)

Music: C T ප්‍රනාන්දු Lyrics: සුසිල් සේනාධීර
Font size:
කළුවන් කළු රුවයි අප ගම මදින්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
එන එන කැකුළු මල් නෑරම තලන්නා
දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා

මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දිදී මා සනසන්නේ
රා පොඩියක් දිදී මා සනසන්නේ

ගහින් ගහට අතුර දිගේ නගින්නා
ළපටි කැකුළු මල් නෑරම තලන්නා//
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
අනේ වාසනාවන් මේ මදින්නා

මගෙ සුදු මාමේ...

ළපටි රා තරුණ අපටයි බෙදන්නේ
පැහුණු රා මහළු අයටයි ඔබින්නේ//
විනාකිරට ඉතුරු කොටස තබන්නේ
අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ

මගෙ සුදු මාමේ...

කිතුල් මල් තපා තෙල් දිය බාන්නා
රුහුණේ මී කිරට පැණි නිපදවන්නා//
රසැති කිතුල් පොල් හකුරුද හදන්නා
ගමට කප්රුකක් මේ රා මදින්නා

මගෙ සුදු මාමේ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.