Font size:
මලක් නැති ගසක් වී හුදකලා වූ නුඹට එකම එක මලක් වී සුවඳ දුන්නෙමි කලක වසන්තය අලුත් මල් අතුපුරා ගෙනෙන විට සිනාසෙනු මැන එදින මට නොවේ මගේ හිතට ඝන අඳුරු රැයක් වී හැඩු විට ජීවිතය පැතුම් දී එළි කලෙමි පුංචි තරුවක් විලස සිනාසෙන පුරා හඳ වඩිනදා පෙර මගට සිනාසෙනු මැන එදින මට නොවේ පෙර මගට සිතින් දුක දරා ගමි එය කියන්නේ කෙලෙස රුවන් මාලිගාවක පහන් දල්වන් කුමට ඉදහිටක සොයද්දී යටලියාවේ මතක සිනාසෙනු මැන එදින මට නොවේ මගේ හිතට ////
Singers
Data
Last updated May 2026