Home/Songs/බෝ අතු ඉති නැමී

බෝ අතු ඉති නැමී

Bo Athu Ithi Nami

Lyrics: රඹුක්කන සිද්ධාර්ථ ථේර
Font size:
(බෝ අතු ඉති නැමී නැමී සාධු කියනවා 
දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා)..//
මෙතැන දහම් පාසැලක් 
ළමා දිවිය සරු කරනා නව තෝතැන්නක්  

(පුංචි ළමයි මල් අරගෙන පේලි හැදෙනවා 
අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා)..//
මෙතැන දහම් පාසැලක්
කහ සිවුරේ ඇසුර ලබන නව තෝතැන්නක් 

බෝ අතු ඉති....

(රටක් මැද්දෙ බණ කියන්න නුවණ ලැබෙනවා 
පැලක් අයිනෙ කල් ගෙවන්න දැනුම ලැබෙනවා)..//
මෙතැන දහම් පාසැලක්   
හෙළ සිරිතට මුල් තැන දෙන නව තෝතැන්නක්

බෝ අතු ඉති....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.