Home/Songs/ආදරේ

ආදරේ

Adare

Music: අසේල බණ්ඩාර Lyrics: කැලුම් ශ්‍රීමාල්
Font size:
අහස පොලොව උහුලනවලු 
ඉරත් හඳත් මුහුවෙනවලු 
පටං ගත්තු දාට ආදරේ.... 
සිනහ පඳුරෙ කඳුළු සුසුම් පොකුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා
සුතුර ආදරේ
කඳුළු වඳුලෙ සිනහා පොට්ටු
හදන ආදරේ
සිතට තට්ටු කරන සිහින
කෙවිට ආදරේ
(ආදරේ.... ආදරේ.......//)

අවේලාවෙ හීන මවන
හීනමානෙ දෙපළු කරන
මුරණ්ඩුකම දුන්නු  ආදරේ
රෑ තුන් යම....
රෑ තුන් යම පාළු මකන
තනිවම හිනැහෙන මුමුනන
තුරුණු සිරිත සොඳුරු ආදරේ
(ආදරේ.... ආදරේ.......//)

සාගරේට කඳුළු හදන
මහ සුළඟට සුසුම් බෙදන.....
විනයක් නැති දැහැන ආදරේ
හිතෙන් හිතට...... 
හිතෙන් හිතට හිතට ඉව අල්ලන
නෙතින් නෙතට මාරු කරෙන
දාර්ශනික දහම ආදරේ

අහස පොලොව උහුලනවලු.... 
(ආදරේ.... ආදරේ.......//)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.