Home/Songs/මගේ නොවන මගේ පෙම්වතී

මගේ නොවන මගේ පෙම්වතී

Mage Nowana Mage Pemwathi

Music: ට්‍රිෂාන් බදුගේ Lyrics: නවීන් පෙරේරා
Font size:
හිත රිදෙන්න වචන කිව්ව
මට හඬන්න කඳුළු දුන්න
මගේ නොවන මගේ පෙම්වතී
හේතූ නැතිව හිත පුරාම
මතක් වෙවී හැම මොහොතෙම
හිත ඉල්ලන හැටි ඔයාව දන්නවාද පෙම්බරී
(මගේ නොවන මගේ පෙම්වතී....//)

තනිකඩ මගේ හිත ඉල්ලන අකුර අකුර ගලප ගලප
මම ආදරේ කළ නියාව දැනෙනවාද පෙම්වතී
හිත අස්සෙම ඔබ තියාන හෙට දවසත් ඔයත් එක්ක
කියන දෙබස් කටපාඩම් කළා පෙම්බරී
(මගේ නොවන මගේ පෙම්වතී....//)

අපි දෙන්නාගේ පෙම් කතාව බයිස්කෝප් වල තියේවි
අපේ වගේ ආදරයක් රටක් පතාවී
රෝලින් එක නිම වෙනකොට කට් කියලා මට ඇහුණම
අපේ පෙමත් එතැනින් නිමවේද පෙම්බරී
(මගේ නොවන මගේ පෙම්වතී....//)

හිත රිදෙන්න......

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.