Home/Songs/මං වින්දා ආදරේ

මං වින්දා ආදරේ

Man Vinda Adare

Music: උදය ශ්‍රී වික්‍රමසිංහ Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
චිත්‍රපටය : ස්පන්දන (2015)

මං වින්දා ආදරේ ඔබ හන්දා 
පෙම් සිතුවම්  හද ගැබේ මං ඇන්දා
නිම් හිම් සෙවූ ළංවී මැවූ
මේ ස්වප්නේ නිම වේදෝ කඳුලින් තෙමා...
සංසාරයේ පැතූසේ ළංවෙලා 
පෙම් හැඟුමන් යාවීලා සිනාසුණා
හදවතේ ස්පන්දනේ නවතීවි සදා
මා ජීවිතෙන් අහිමි වූවත් ඔයා...

දරාගන්න බෑ මතකයේ වේදනා
මේ සුසුමන් කාටදෝ දැන් ඇසෙනා
සඳේ කැන් පවා හැංගී ගියා
මා අඳුරේ තනිවෙයිදෝ ඔබ නැතිවෙලා...

සංසාරයේ පැතූසේ...
මා ජීවිතෙන් අහිමි වූවත් ඔයා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.