Font size:
රෑට හීන මන්දාකිණි සඳවත සරසා ගැටිස්සියක් මගේ ලෝකෙට හෙමිහිට වැඩියා පාට ගෑව පත්ඉරුවක ගී පද ලියලා ගැටවරයෙක් මට මංගල ඇරයුමක් කළා මගේ නළලත සිපගන්නට තරම් ළංවෙලා දඟකල නෙත් දැක්කම මගෙ සුසුම් නැවතුණා ඔය නෙත්වල උතුරා යන සෙනෙහස දැකලා ඉවසුම් නෑ ළංවෙන්නට හද සලිත වෙලා රෑට මණ්දාකිණි ........ කතා කරන ඔය ඇස් දෙක කීව දේ අසා හිතාගන්න බැරි ලෙංගතුකමක් සැල කලා සදානන්ද සෙනෙහසකට ඇරයුමක් තියා හිතාගන්න මං ඔබෙමයි සඳහටම කියා රෑට හීන මණ්දාකිණි ...........
Singers
Data
Last updated May 2026