මා හද සැලෙනා ගී හඬ මුමුණා
Ma Hada Salena Gee Handa Mumuna
Music: ෂර්ලි විජයන්ත Lyrics: ෂර්ලි විජයන්ත
Font size:
මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට සිතුනා නීල දෑසින් ඉඟිකල රහසක් කිව මැන මට මුමුණා මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට සිතුනා අහිමි වූ පැතුමක මා තනිවී ඇත මා සිත ඉන් සැලුනා නෙලන්න බැරි මල් අතු අග පිපුනත් ඒ මල තනිවේද පියාපත් ලැබ ඉගිලී ආවොත් ඔබ මට පිටුපාද තනිවුනු පියුමෙක රුහිරු මඳ නල කැඳවා ගෙන යාද නොදනිමි මට ඔබ හමුවෙන ඒ ලෙස මුකුලිත වූ මලෙක දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත කෙලෙසින් දෙඩුවෙමුද නිසලව හමුවූ දෙනයන ඔබ මට කීවේ මොනවාද දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත කෙලෙසින් දෙඩුවෙමුද මා සිත් රඟහල රඟදෙන ඔබ මට කෙලෙසින් හමුවේද මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට සිතුනා නීල දෑසින් ඉඟිකල රහසක් කිව මැන මට මුමුණා මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට සිතුනා අහිමි වූ පැතුමක මා තනිවී ඇත මා සිත ඉන් සැලුනා
Data
Last updated May 2026