Home/Songs/කියන්න සුළඟේ

කියන්න සුළඟේ

Kiyanna Sulange

Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ
සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ //

කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ
වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ

හමන තාලයටද ගහේ අතු කොළ නැටුවේ
අතරමගදි ඔබ එන විට මොනවද දුටුවේ

ගොපළු පුතෙක් ගියා උදේ ගව රැල දක්කා
මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා

සමගි වෙලා තැන තැන යනවාලු එක රැළේ
කැලේ මැදදි සත්තු දැක්කෙ නැද්ද මද නලේ

කුරුළු මවක් නැතිවුණ පොඩි පැටවෙකු සෙව්වා
තුරුළු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වා

බුදුන්ගෙ සිරිපා ඇති යැයි ලොව පරසිද්ද
සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියෙ නැද්ද

ඔබත් ළමයො මේ අහන්නෙ මොනවද මන්දා
අදත් උදෑසන මා සිරිපාදය වැන්දා

රටත් බලා සැමට සිසිල බෙද බෙද දෙන්න
මටත් ඇහැකිනම් ඔබ මෙන් තැන තැන යන්න //
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.