Font size:
සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම් සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම් නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම් දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම් ඔබගේ දෑසේ දිලි දිලි රේඛා මට කොඳුරයි ආදරෙන් එන්නකෝ කියා තරුවෙන් තරුවේ පියමන් කරලා සඳලුතලේ රන් සඳේ ඉමු තුරුළු වෙලා.... සල් මල් වැල් ඔන්චිලි බන්දා.... ජිවිතයම දැන් හරිම ලස්සනයි මගේ තැවුල් ඈත දැන් පාවෙලා ගිහින් ඔබ මගේ සෙවනින් නොයන්න කිසිදා ඉගිලෙමු පෙම් හී නදින් කුරුල්ලන් වෙලා.... සල් මල් වැල් ඔන්චිලි බන්දා....//
Singers
Data
Last updated May 2026