Home/Songs/උල්කාපාතයක්

උල්කාපාතයක්

Ulkapathayak

Font size:
අළු පාට වළාකුළු කථාවක් වත් නෑ
තරු නිවී තරු නිවී රාත්‍රියේ...
සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං
ගිනි අරන් ගිනි අරන් පොළොවක් සොයන්...

(උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා උල්කාපාතයක්...//)

අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ
ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා...
පොළවට වැටෙනා දේවතා එළියක්
ගිනි ගත්ත තරු එළියක්...

(උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා උල්කාපාතයක්...///)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.