තෙරුවන් සරණයි
Theruwan Saranai
Music: චතුරංග වර්ණසේකර Lyrics: චතුරංග වර්ණසේකර
Font size:
තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට පෙම් කෙරූ හිත මගේ අදටත් භාරයි ඔයාට තවමත් භාරයි ඔයාට... තෙරුවන් සරණයි ඔයාට... ඔබට මා සිහිවෙනා මොහොතක්වත් දැන් නැතුවැතී මතකයන් දැන් මගේ අතීතයට එක්වී ඇතී මගෙන් මිදී සැදූ ලොවේ ඔයා හුඟක් සතුටින් ඇතී (ඒ ටික මට හොඳටම ඇතී...//) තෙරුවන් සරණයි….. දුක මගේ විඳ දරන් ඔයාගෙ යහපත පතමි මං පණ තරම් ආදරෙන් මතකය අපගේ රකිමි මං සංසාරේ කවදා හෝ ඔයාගෙ අයිතිය ලැබෙනකන් (ඉපදෙමි භවයෙන් භවය මං...//) තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට පෙම් කෙරූ හිත මගේ අදටත් භාරයි ඔයාට තවමත් භාරයි ඔයාට... (තෙරුවන් සරණයි ඔයාට...////)