Font size:
ගී සිංදූ ගයා වයා මාවතේ මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ මද්දහනේ කඩේ පිලේ මේ වගේ වටරවුමේ අහන් ඉන්න දුගී ලොවේ ගී මගේ සිනමාවේ නෑසේවී පෙම් ගීත මාගේ නැත නාමේ ජනකාන්ත වීලා ජීවිතයේ දුක් පීඩා හිසරන්දා ඉන්නා කොයි කාටත් මා ගී ගයාලා උපකාරේ සතේ සතේ දේවා මට සතේ සතේ දේවා මහපාරේ ප්‍රසංගයේ ගායකයා මං තමා ගී සිංදූ ගයා වයා මාවතේ මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ භාරතයේ සරසවියේ නව රාග ධාරේ ස්වර මාලා මා නම් නොදන්නේ රන් වීනා වයලීනේ නැතුවත් සිතාරේ සංගීතේ අඩුවක් නොවන්නේ මේ වාගේ විනෝද ගී ගයලා මම විනෝද ගී ගයාලා ආ..ආ..ආ.. අද වාගේ ගෙන එන්නම් වාසනා ගී සිංදූ ගයා වයා මාවතේ මා ඉන්නේ කඳුළු මැදින් සිනා සිසී ජීවිතේ සිනමාවේ නෑසේවී.. ගී සිංදූ ගයා වයා..