Home/Songs/පවන් සුසුම්

පවන් සුසුම්

Pawan Susum

Music: අමරදේව W D Lyrics: ධර්මසිරි ගමගේ
Font size:
චිත්‍රපටය: තරංගා (1975)

පවන් සුසුම් දැලින් වෙළී
ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම්
නින්නාද නැංවූ තරංගා
කුසුම් ළඳුන් බිඟුන් මුවින්
අනුරාග ගී රාව නංගා
ප්‍රසන්න වැව් තීරේ නැගේ
සංයෝග පෙම් ගී තරංගා...

පෙම් සීත වරුෂාවේ නිල් වැව් තලාවේ
අනුරාග හෝරාව එළඹී තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල්වී
අභිෂේක යාමේ උදාවේ...

මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව එළඹී තිබේ
මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න
අභිෂේක යාමේ උදාවේ...

පවන් සුසුම්...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.