කුමුදුනිය මමයි ඔබේ
Kumuduniya Mamai
Music: රංග දසනායක Lyrics: කසුන් ගුණතිලක
Font size:
කුමුදුනිය මමයි ඔබේ පිපුණු හද විලේ කුමුදු මල ඔබේ නැගුණු සඳ ඔබයි අඳුරු විජිතයේ සඳ එළිය වගේ සඳ කුමරු මගේ..... අඳුර මැද සැරූ ඔහේ ළපටි හිත මගේ එළිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ මුළු ලොකේම මගේදැයි මට දැනුණු සඳේ සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ දිනේ සඳ එළිය වගේ ලැබුණු ඔබේ සෙනේ...... මිහිර බෙදූ ස්නේහයේ සුවඳ ඉතිරුණේ සිටින විටදී ඔබ ළඟින් සිත නිවී සරේ දිවි දෙවැනි වෙයි ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ භව භව පුරා සරමි හිතින් පතමින් ඔබේ සෙනේ සඳ කුමරු මගේ සොඳුරු විජිතයේ.....