Font size:
අහන්න දුවේ පුතේ - ආදර දුවේ පුතේ වළිගය කරකවතේ - දිය මත පාව යතේ දඟරවළිග ලපවානර..දස්කම් දක්වනවා අහසේ ඉගිළ යතේ - වලිගෙන් ගෙඩි කඩතේ බැරි බර කරට අරං දඩයම් පිරිහිලා යතේ (මරුසුපිලා මෙයයි කියා මෙයාගෙ නම තිබුනෙ පොතේ දඟරවළිග ලපවානර අලුත් නමක් පටබඳිතේ) වලිගෙන් රූ අඳිතේ - දරුවන් සනසවතේ වලිගාවන් තියගෙන - පලනෙල නලයි පුතේ ඔංචිල්ලා පදිතේ - දරුවන් පද්දවතේ ගෙයි සමගිය රකිමින් - සතුනට සෙනෙහෙ දෙතේ (දඟරවළිග ලපවානර.. විමසිල්ලෙන් ඉන්නවා) දිය කරනම් පානා - වලිගා ඔරුවේ නගිනා වෙරළේ රෝද ගසා - හිතමිතුරන් සනසා ප්‍රියවන හැම යාළු - ඒ සැම සනසාලූ වලිගය වැජඹේලූ - අපිටත් හිමිවේලූ (දඟරවළිග ලපවානර විස්කම් පෙන්නනවා) අහන්න දුවේපුතේ...
Data
Last updated May 2026