කඳුළු බිඳුවක්
Kandulu Binduwak
Music: රධීෂ් වැන්දබෝනා Lyrics: ප්‍රසංගි විජේවර්ධන
Font size:
කඳුළු බිඳුවක් නෙතු අගින් වැටුණා නුඹ ඇවිත් හිත අද්දරින් රැඳුණා පෙනෙන නොපෙනෙන මතක අතරේ හිතට හුරු නැති තනිකමක් දැනුණා තනිකමක් දැනුණා සිහින ගිළිහී දෙපාමුල වැටුණා ඔයා නොකියම දුර ගිහින් තිබුණා බිඳී මිය ගිය පැතුම් අභියස දරන්නට බැරි තරම් දුක හිතුණා තරම් දුක හිතුණා කඳුළු බිඳුවක් නෙතු අගින්.... සුවඳ අහිමියි කියා හිත හැඬුවා ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා බිඳී මිය ගිය පැතුම් අභියස ආදරේ නැති අඩුව මට දැනුණා අඩුව මට දැනුණා කඳුළු බිඳුවක් නෙතු අගින්....