Font size:
ගුරුතුමා මමයි සෙල්ලම් ඉස්කෝලේ// ආයුබෝවන් සුභ උදෑසනක්// එන්න ළමයි ඉඳගන්න මෙහෙන්// මට කොස් කොළ පොත් ටික දෙන්න ගෙනත්// ගුරුතුමා මමයි සෙල්ලම් ඉස්කෝලේ... කියවන්න කලින් පොත පත පාඩම් අපි බලමු සොයා පිරිසිදු ළමයින් දත් කහට ළමයි නිය වැඩුණු ළමයි// දඬුවම් ලබනවා විදුහල්පතිගෙන්// ගුරුතුමා මමයි... දඟ කරනා ළමයි පොත් ඉරනා ළමයි නිය හපනා ළමයි හොඳ නෑ හොඳ නෑ රස තාල දමා කවි කියනා ළමයි// පාඩම් දෙන අය හොඳ හොඳ ළමයින්// ගුරුතුමා මමයි...
Singers
Data
Last updated May 2026