Home/Songs/මගෙ දුප්පත් ඇස් දෙක

මගෙ දුප්පත් ඇස් දෙක

Mage Duppath As Deka

Sanda Rajiniya Music: රෝහණ වීරසිංහ Lyrics: චන්න ජයනාත්
Font size:
මගේ දුප්පත් ඇස් දෙක ලස්සන නෑ අද ලස්සන නෑ ඔබට
එක රෝස මලක් වෙනුවෙන් මගේ හදවත දුක් විඳිනා තරම
අපෙ සුන්දර ලෝකය කඳුළු බිඳක් අද කඳුළු බිඳක් හඬන
මගේ ආදරී මගේ ආදරියේ ඇයි
ආදරියේ ඇයි තහනම් කලේ සුවඳ.....

සඳ රහසක් කිව්වා අහගෙන ඉන්නට බෑ
ඔබේ දෑසින් මිදිලා වෙන් වෙන්නට මට බෑ
මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි
පෙති ගිලිහුන මල වගෙ මගෙ හදවත වැලපෙයි
මගේ ආදරී ඔබ වෙනුවෙන් තාමත් 
මතු හැමදාමත් මගේ හදවත වැලපෙයි.....

එක සිහිනෙක දුටුවා ලස්සන සුර අඟනක්
තව දවසක දුටුවා වෛරයේ ගිනි පුපුරක්
සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේ
ඔබේ වෙනසක් දැක්කම මට හැඬෙනවා රහසේ
මගේ ආදරී දිවි ඇතිතෙක් සුවඳයි
මල් වගෙ සුවඳයි තාමත් ඔබ මගේමයි.....

මගේ දුප්පත් ඇස් දෙක.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.