Font size:
තුමුල බල ඇති තෙදැති දෙවඟන සැකයි මට ඔබේ කුමරි බඹසර රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු ඔබගෙ දෙව්ලේ යහන පාමුල // ඉරා සළුපට බැඳුණු නෙතු යුග තරාදිය ගෙන හෙලා ඝන දිය පලා අසිපත නසා එහි පළු පසිඳ විය හැකි වේද යුක්තිය තුමුල බල ඇති .... ධවල සළු පිලි සොරුන් ගත්තෙද මිනි මෙවුල්දම් කඩා හැලුනිද ඔබේ ගත රැදි දුහුල් සළු පට හමන සුළඟට ඉගිළ යාවිද තුමුල බල ඇති...
Singers
Data
Last updated May 2026