Font size:
මේ අපේ රාත්‍රියයි මේ අපේ රාත්‍රියයි සඳ සිනා සලන තරු සැලී දිලෙන රුදු අඳුර බිඳී ගිය රාත්‍රියයි අහස් පවුරු සීමා බිඳලූ නුඹ කුමරිය ගිම්හානේ සුපෙම් හැඟුම් කලතා මුව හසරැලි නිබඳ පිපෙන යාමේ නුහුරු ලෙවන් නෙතු යුග දහසක් මැද පියවර මැනලා සොඳුරු කරලියේ තාල මියැසි මැද පා තබනා රඟ මදුවිත හා මුසුවී නුරා නෙතින් නෙත යාවෙන සෙවනැලි එකිනෙක යයි පාවී පතනෙමි අවසර ළඳේ නුඹෙන් දොරටු අරින්නට ආදර දිගන්තයේ මේ අපේ රාත්‍රියයි මේ අපේ රාත්‍රියයි සඳ සිනා සලන තරු සැලී දිලෙන රුදු අඳුර බිඳී ගිය රාත්‍රියයි