Font size:
සිංහල අවුරුදු කාලේ ඇවිල්ලා සිත් වල එරබදු මල් පිපිලා සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව පිරී ඉතිරේවා... කිරි ඉතිරේවා...... ගම්මානේම එක පවුලක් වී පැල්පත මැදුරක ඔපය වැටී විරසක කම් දුරු වී යද්දී ලෙන්ගතුකම් තව තව බෝ වී..... සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව පිරී ඉතිරේවා... කිරි ඉතිරේවා...... රබන් පදේ හඬ පැතිරෙද්දී කොවුලන් තරඟෙට ගයාවී ගී සුභ නැකතට සුභ පැතුමන් දී බෙදා හදාගෙන රස කැවිලි...... සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව පිරී ඉතිරේවා... කිරි ඉතිරේවා...... සිංහල අවුරුදු........
Singers
Data
Last updated May 2026