Home/Songs/ජය ශ්‍රී මෙඩ්ලි - සරිත් සහ සුරිත්

ජය ශ්‍රී මෙඩ්ලි - සරිත් සහ සුරිත්

Jaya Sri Medley by Sarith & Surith

Font size:
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරිය ඔබ අද මා ලඟ නෑ

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
සැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේ
සුළගේ පාවී, මගේ ගී යාවී
ඇසුනොත් එනවාදෝ සොඳුරියේ මගේ

මා හට සැරවීලා, ඇයි
කොහෙදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා, ඇයි
මා ඉන්නේ කෙලෙසේ
ඒවීදෝ මාගේ කුමාරී

ශීලා ශීලා හෙයි ශීලා ශීලා ඕ
ශීලා ශීලා හෙයි ශීලා ශීලා ඕ
ශීලා ශීලා හෙයි ශීලා ශීලා ඕ
ඒවීදෝ මාගේ කුමාරී

පියමැන්නේ ඇයිද එසේ
රිදවාලා ඔබ ම සිත මෙසේ
දුර ගව්වේ මා ඉන්නේ
මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ
සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ
රැළි මත සාගරේ
මතුවේවා සදා ඒ සිහිනේ

සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ

පිටරට විස්තර මෙව්වා
අහගෙන ඉන්න ඔයාලා
දෙවරක් හිතලා බලලා
යන්නලා හිතලා ඔහෙලා

ගමේ තියන ඉඩම්, ගෙවල් උගස් තියලා
යන්න හදවා පිටරට මිල්ල සොයලා
සිලිං, පවුම්, ඩොලර්, යුරෝ වලට රැවටිලා
දිවි දෙනවනේ කන්ටේනර් ඇතුලට වීලා

බෝට්ටු වල මුහුද මැද්දේ මරුවා සමග පොර
කඳු, පල්ලම්, කැළෑ මැදින් ගමන භයංකර
වටීද ජීවිතේ එක්ක කරනා සෙල්ලම
මඟ මැරුණම වග කියන්නේ කවුද කියන් සඳ

(පිටරට විස්තර මෙව්වා
අහගෙන ඉන්න ඔයාලා
දෙවරක් හිතලා බලලා
යන්නලා හිතලා ඔහෙලා) //

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.