Font size:
අමාවකට අත වනනා පිච්ච මලී ලමැද නුබේ කිරි පුසුබෙන් සිත කැළඹී පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ පිච්ච පතට පැණි ඉහුනද සංකාවේ....// ලමැද හොවා හද සෙනෙහස දුන්නාට කුමක් කරන්නද සමනල් හිනාවට දෑත දිගු කරන්නට බෑ නුබෙ ලොවට වරද මගෙන් සගවාදෙනු ලෝකයට අමාවකට අත වනනා පිච්ච මලී.... අවිහිංසක සිතිවිලි සිත බැන්දාට එකට කූඩු වෙන්නට බැරි පෙර පවට ඉතින් සාප කරමින් මගෙ ඉක්මන් කමට එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට අමාවකට අත වනනා පිච්චමලී....
Singers
Data
Last updated May 2026